
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ.
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුුකරුවන් 379 දෙනෙකු ඇගයීමට ලක් කෙරේ.
මධ්‍යම පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය හා උපහාර උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණ.48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී සමස්ත පදක්කම් 155 ක් ලබා ගනිමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ අනුශූරතාවය හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත් වූ අතර එම ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් හිමිකරගත් ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම , උපහාර පිදීම හා දිරිගැන්වීම වෙනුවෙන් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා ඉසව් 22ක් නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට සමත් වූ 379 දෙනෙකු මෙම වර්ණ ප්‍රදානෝත්සවයේ දී ඇගයීමට ලක් විය. ඒ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 294 දෙනෙකු හා පුහුුකරුවන් 85 දෙනෙකු ඇතුළත් විය. මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී දක්ෂතම ක්‍රීඩකයින් ලෙස පිදුම් ලැබූ හත් දෙනෙකු මෙහිදී විශේෂ ඇගයීමට පාත්‍ර විය.මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධූපානි පියසේන , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) එම්.ඒකනායක, ක්‍රිඩා අධ්‍යක්ෂ එම්. යු. නිශාන්ත, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ගණකාධිකාරී ප්‍රශාන්ත මැදගෙදර යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන් , ක්‍රීඩා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.