සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නවසීලන්ත  පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නගෙන් නව වාර්තාවක්.

නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නගෙන් නව වාර්තාවක්.

නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නගෙන් නව වාර්තාවක්. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සමත් විය. දිමුත් අද වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙසයි. මෙම පළමු තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සිය ඉනිමේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 50 කි. දිමුත් මේ වන විට ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර ඇති ටෙස්ට් මුළු ලකුණු සංඛ්‍යාව 5,980 ක් වේ. ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ තරග 90 කදී ටෙස්ට් ලකුණු 5,932 ක් ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර තිබූ සුපිරි පිතිකරු සනත් ජයසූරියවේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook