සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී ජය මාතලේ ට හා මහනුවර ට.

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී ජය මාතලේ ට හා මහනුවර ට.

මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී ජය මාතලේ ට හා මහනුවර ට.

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තෙවන අදියර වශයෙන් පැවත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි ශූරතාවය දිනා ගැනීමට මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය. එහි කාන්තා ශූරතාවය දිනා ගන්නා ලද්දේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම විසිනි.
මෙම තරගාවලිය පසුගියදා දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ජාතික මහා ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලියේ දී මහනුවර , මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුනු අතර, පිරිමි අවසන් තරගයේ දී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම ගෝල 03-02 ලෙස වාර්තා කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. කාන්තා අවසන් තරගයේ දී මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූයේ ගෝල 05-03 ලෙස වාර්තා කරමිනී. මෙම තරගාවලියේ අනුශූරතාවයන් පිළිවෙලින් මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම (පිරිමි) හා මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් (කාන්තා)සතු විය.
මෙම තරගාවලිය මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට පැවතුණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook