සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දුම්බර නිම්නයේ කරාතේ ශූර ශුරියන්ට උපහාර පිදෙයි.

දුම්බර නිම්නයේ කරාතේ ශූර ශුරියන්ට උපහාර පිදෙයි.

දුම්බර නිම්නයේ කරාතේ ශූර ශුරියන්ට උපහාර පිදෙයි. කනිෂ්ඨ පාසල් ආසියානු කරාතේ ශූරතාවලිය සහ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය යන තරගාවලි නියෝජනය කරමින් ජයග්‍රහණය ලබා, මව්බිමට රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා දෙමින් ලක්මාතාවට ගෞරවක් ගෙනදීමට සමත් වූ දුම්බර නිම්නයේ ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා (29) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.මෙම උපහාර උළෙලේදී 2022 සහ 2023 වසරවල පැවැති කනිෂ්ඨ පාසල් ආසියානු කරාතේ ශූරතාවලිය සහ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය යන තරගාවලි නියෝජනය කොට ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයක් විය.රටවල් 08ක සහභාගිත්වයෙන් ජූනි 8 වන දින පැවති ආසියානු කරාතේ ශූරතාවලියේ දී කණ්ඩායම නියෝජනය කළ තෙල්දෙණිය ජාතික පාසලේ කේ එන් එන් එස් වෙලගෙදර හා ආර් එම් ඩී එස් එස් රත්නායක, ග්‍රීන්හිල් ජත්‍යන්තර පාසලේ ඩබ්ලිව්. එම්. ටී. ඩබ්ලිව්. ආර්. පී. වික්‍රමසිංහ උඩිස්පත්තුව ද්විතීක පාසලේ කේ පි ජී ඒ එම් රත්නතිලක හා කරල්ලියද්ද කණිෂ්ඨ විද්‍යාලයේ ආර් ඩි ජී සී වී එස් ධර්මරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා හේතුකොට පදක්කම් රාශියක් දිනා ගැනීමට සමත්ව ඇත.තෙල්දෙණිය කරාතේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙලට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතා, තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ නිලධාරීන්, දෙමපියන් ඇතුළු පිරිසක් ඊට සහභාගි විය. ඇකඩමියේ කළුපටිධාරී 30 දෙනෙකුට හා ශ්‍රේණි පරික්ෂණය සමත් සිසු සිසුවියන් සදහා සහතික පත් පිරිනැමිමක් ද මිට සමගාමීව සිදු කෙරිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook