
මධ්‍යම පළාතේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලින කිරීමේ සිව්දින නේවාසික පුහුණු වැඩමුළුවක්
මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාතේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලින කිරීමේ සිව්දින නේවාසික පුහුණු වැඩමුළුව මහනුවර ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍රයේ සාර්ථකව නිමාවට පත්විය.මෙම වැඩමුළුව සඳහා මධ්‍යම පළාතේ ක්‍රීඩා ගුරුවරුන්, පළාත් කණ්ඩායම් පුහුණුකරුවන්, හා ප්‍රාදේශීය මටටමේ ස්වෙච්ඡා පුහුණුකරුවන් 70 දෙනෙකු සහභාගී විය. මෙම වැඩමුළුව සදහා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සහයෝගයෙන් ජාතික මටටමේ සම්පත්දායකයින් රැසකගේ දායකත්වය ලැබීම විශේෂත්වයකි. මෙයට සහභාගී වූ කණ්ඩායමේ අදහස වුයේ කොලබින් පිටතදී මෙවන් අත්දැකීමක් ලබා ගැනීමට හැකිවීම තම වෘත්තීය සංවර්ධනයට බෙහෙවින් ඵලදායි බවයි.