
නිදහස් දින සැමරුමට ලේ දන්දීමේ වැඩසටහනක්.
නිදහස් දින සැමරුමට ලේ දන්දීමේ වැඩසටහනක්.
76 වෙනි නිදහස් දින සැමරුමට සමාගාමීව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් පල්ලේකැලේ, කුණ්ඩසාලේ මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේ දී පසුගිය (02) පැවැත්විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, ඉමාදීන් පදනම සහ මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවිධාන එක්ව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු නිලධාරීන් සහ ඉමාදීන් පදනමේ ලේකම් මොහොමඩ් රුස්මි මහතා, මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවිධානයේ සභාපති මොහොමඩ් රූමි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.