
මධ්යම පළාත් නිදහස් සැමරුම අභිමානවත් ලෙසින් පල්ලේකැලේදී....
මධ්‍යම පළාත් නිදහස් සැමරුම අභිමානවත් ලෙසින් පල්ලේකැලේදී....
76 වෙනි නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් උත්සවය කුණ්ඩසාලේ, පල්ලකැලේ රයිෆල් බලකා මූලස්ථානයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පල්ලේකැලේ, යුද හමුදා මූලස්ථානය ඇතුළු ආයතන රැසකගේ දායකත්වය යටතේ මෙම නිදහස් දින උළෙල අභිමානවත් ලෙස සංවිධානයකර පැවතිණි.
මෙම වැඩසටහන රුක් රෝපණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් පැවැති අතර මධ්යම පළාතේ පොල් පැල 25,000ක් රෝපණය කිරීමේ වැඩසටහනට සමගාමීව රයිෆල් බලකා පරිශ්‍රයේදී පොල් පැල සිටුවීම හා පළාත පුරා ඔසු පැල 150,000 ක් රෝපණය කිරීම යටතේ ඖෂධ පැල රෝපණය කිරීමක් මෙහිදි සිදුවිණි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ 11වන බල සේනාංකාධිපති මහින්ද රණසිංහ, මධ්‍යම පළාත් නියෝජ්ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.