සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර විලියම් ගොපල්ලව මාවත හරිත මාවතක් ලෙස සංවර්ධනයට.

මහනුවර විලියම් ගොපල්ලව මාවත හරිත මාවතක් ලෙස සංවර්ධනයට.

මහනුවර විලියම් ගොපල්ලව මාවත හරිත මාවතක් ලෙස සංවර්ධනයට. 76 වෙනි නිදහස් දිනයට සමගාමීව මහනුවර විලියම් ගොපල්ලව මාවත, හරිත මාවතක් ලෙස සංවර්ධනය ‍කොට ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි. මහනුවර මහ නගර සභාව, පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය ‍කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩි.ඩබ්ලිව්. දයානන්ද මහතා, ‍මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන්, මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා, මධ්‍යම පළාත් නියෝජ්ය පොලිස්පති මහින්ද දිසානායක මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිසර අංශයේ සහකාර අධ්‍යක්‍ෂ චමින්ද අබේරත්න මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook