
‘මගෙන් ගසක් මහනුවරට’ වසරක් සපිරේ.
‘මගෙන් ගසක් මහනුවරට’ වසරක් සපිරේ.
‘මගෙන් ගසක් මහනුවරට’ දායකත්ව රුක්රෝපන වැඩසටහනේ පළමු වර්ෂ පූර්ණය නිමිත්තෙන් දංගොල්ල නාගරික ක්‍රිඩාංගණයේ රුක් රෝපණ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
76 වෙනි නිදහස් දිනයට සමගාමීව මහනුවර මහ නගර සභාව විසින් මෙම රුක්රෝපණ වැඩසටහන සංවිධානය කරන ලදි.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩි.ඩබ්ලිව්. දයානන්ද මහතා, මහනුවර මහ නගර සභාවේ කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.