
මධ්‍යම රාජ්‍ය අංශය සතුව ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට විශේෂ වැඩසටහනක්.
මධ්‍යම රාජ්‍ය අංශය සතුව ඉඩම් ගැටළු නිරාකරණය කිරීමට විශේෂ වැඩසටහනක්.
මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය අංශය සතුව පවතින ඉඩම් හා ගොඩනැගිලි වල පවතින ගැටළු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද ඉඩම් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමේ විශේෂ වැඩසටහනක් 06 දින මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
රාජ්‍ය අංශය සතු ඉඩම් හා වත්කම් නිරවුල් කර ගැනීමත් , නිවැරදි තක්සේරුවක් ලබාගැනීමත් , ඵලදායි ලෙස යොදාගැනීමත් අරමුණුකර ගනිමින් සියලු අමාත්‍යාංශයන්හි ඉඩම් හා දේපල සම්බන්ධව පවතින ගැටළු නිරවුල් කරගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහනේ දී කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන පහක ගැටළු නිරාකරණයට අදාළ කරුණු සාකචජා කෙරින. රජයේ ඉඩම් පිළිබදව පවතින නිති රිති හා බලතල, රජයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය , වන්දිගෙවිම හා පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව දැනට භාවිත ක්‍රමවේදයන් හා ඉඩම් භාවිතයේ පවතින ගැටළු හා ඒ සදහා වන විසදුම් ක්‍රියාවලිය පැහැදිලි කිරීම මෙන්ම එක් එක් ආයතනවල පවතින ගැටළු වල ස්වභාවයන් හදුනාගැනීම ද සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය සහකාර ඉඩම් කොමසාරිස් ගයා ශ්‍රී උඩුවෙල මහත්මිය විසින් සිදුකරන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශය , පේෂකර්ම දෙපාර්තමේන්තුව ,ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව ,කුඩා කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ,සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනවල ආයතන ප්‍රධානින් හා විෂය නිලධාරින් සහභාගී විය.