
වත්තේගම මීගම්මන රාජමහා විහාරස්ථ කාර්ය සාධක සමිතියේ වාර්ෂික සංවත්සර උත්සවය.
වත්තේගම මීගම්මන රාජමහා විහාරස්ථ කාර්ය සාධක සමිතියේ වාර්ෂික සංවත්සර උත්සවය.
අතීතයේ භික්ෂු පරපුරේ වගකීම දරන මීගම්මන රජමහා විහාරාධිපති හිමියන් වැනි හිමිවරුන් සෑම විටම අගය කරමි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා.
මහනුවර වත්තේගම මීගම්මන රාජමහා විහාරස්ථ කාර්ය සාධක සමිතියේ වාර්ෂික සංවත්සර උත්සව සභාව එම විහාරස්ථ ධර්මශාලාවේදී 10 වැනි දින මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි අස්ගිරි විහාර පාර්ශ්වයේ පාතදුම්බර මැදදුම්බර ප්‍රධාන සංඝනායක කෙවුලේගම සුමනරත නාහිමියන්ගේ මුලාසනයෙන් යුක්තව මහා සංඝ රත්නයේ වැඩමවීමෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී මීගම්මන රාජමහා විරාස්ථ කාර්ය සාධක සමිතිය මගින් ප්‍රදේශයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් , අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයෙන් සහ උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාල වරම් ලබා ගත් දරු දැරියන් ඇගයිමට ලක් කිරිමද ආණ්ඩුකාරවයා අතින් මෙහිදී සිදු විය.
පාතදුම්බර ප්‍රදේශයේ ඉපැරැණි රජමහා විහාර අතර ටැම්පිට විහාරයක් ලෙස ඉතා දර්ශනීය පුදබිමක් වන මීගම්මන රාජමහා විහාරය මහනුවර රජකම් කළ සෙනරත් රජතුමන් විසින් මෙම විහාරයේ සමාරම්භය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කොට ඇති බව සදහන් වෙයි. වර්තමානයේ මීගම්මන රජමහ විහාරය ප්‍රදේශයේ ජාතික, ආගමික, සංස්කෘතික කටයුතු රැසක් මෙම විහාරස්ථානය කේන්ද්‍ර ඔට ගනිමින් සිදුවෙන අතර ළමුන් 400ක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල හා පෙර පාසල ළමුන්ගේ සාරධර්ම සකසන තෝතැන්නක් ලෙස ප්‍රකටය. එමෙන්ම ටැම්පිට විහාරය විනාශ මුඛයට පත් අවස්ථාවේ වර්තමාන විහාරාධිපති ස්වාමින් වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල සහයෝගය ලබා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉතා වටිනා මෙම ටැම්පිට විහාරය ප්‍රතිනිර්මාණය කර ඇත. මීගම්මන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පසු ගිය වසරේදී ලබා ගැනීම සදහා ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ විමල කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ මහත් ශාසනික සේවාවේ සිවිශේෂී අවස්ථාවකි.
තමන්ගෙන් රටට ගමට විය යුතු සේවාව නිසි ලෙස හදුනාගනිමින් රටට ණය කරුවන්නොවි රටට වැඩදායි අය ලෙස තම යුතුකම් සහ වගකිම් නිසි ලෙස රට වෙනුවෙන් ඉටු කිරිමට සියලු දෙනා වගබලා ගැනිිම වැදගත් බව මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියේය. තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවයා කියා සිටියේ වැවයි දාගබයි ගමයි පන්සලයි සංකල්පයට අරුතක් දෙමින් අතිතයේ සිට මහා සඝරුවන බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා තම මුළු දිවියම කැපකරමින් කටයුතු කළ බවත් වර්තමනායේදි මීගම්මන රාජමහා විහාරාධිපති,සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ පාතදුම්බර උප ප්‍රධාන සංඝ නායක මානිංගමුවේ පියරතන හිමියන් වැනි සංඝ පිතෘවරුන් විසින්ද එම වගකීම දරන බවත් උන් වහන්සේලා නිරතුරුව අගය කිරීම සිදු කල යුතු බවයි.
මෙම අවස්ථාවට පාතදුම්බර ප්‍රදේශිය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මිය පළාත් සංස්කෘතික අධ්‍යක්ෂවරිය, වත්තෙගම් පොලිස් ස්ථානාධිපති තුමන් ඇතුළු විහාරස්ථ දායක දායිකාවන් විශාල පිරිසක් එක්වි සිටියහ.