සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් මාතලේ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 900ක් වෙන් කෙරේ.

“කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් මාතලේ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 900ක් වෙන් කෙරේ.

“කඳුකර දශකය” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් මාතලේ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 900ක් වෙන් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලබන “කඳුකර දශකය 2024-2033” විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 09ක් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 900 ක මුදලක් වෙන් වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (15 ) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම ව්‍යාපෘතිය යටතේ රටේ දිස්ත්‍රික්ක දහයක් සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 10 000 ක් වෙනකොට ඇත. ඒ අනුව ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර 10ක් ඔස්සේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැගීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන වෙනුවෙන් සමාජ ,ආර්ථික , යටිතල පහසුකම් ඇතුලු නිර්ණායක දහසක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර , මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ග්‍රාම සේවා වසම් 409 ක් තුළ මෙය ක්‍රියාත්මක කෙරේ. මෙම සංවර්ධන ව්‍යාපෘති 2024 වර්ෂයේ ජුලි 31 වන විට අවසන් කිරීමට ද සැලසුම් කොට ඇත. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් , ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි කවිරත්න , නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් ඩබ්ලියු.එස්. සත්‍යානන්ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීන්,අමාත්‍යංශ ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් පාලන ආයතන ප්‍රධානනීන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook