සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නිරන්තරයෙන් සොයාබාලා ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිය යුතුයි.

නිරන්තරයෙන් සොයාබාලා ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිය යුතුයි.

නිරන්තරයෙන් සොයාබාලා ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිය යුතුයි. පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් නොමැති කාල වකවානුවක පළාත් පාලන ආයතන ප්‍රධානින් සිය බල ප්‍රදේශයේ කටයතු නිරන්තරයෙන් සොයාබාලා ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදිය යුතු බවත් ජනතාව නිලධාරින් හමුවට පැමිණෙනවා වෙනුවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් කටයුතු කිරිම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා පවසයි. ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු හා ප්‍රජා කාර්යයන් සදහා සක්‍රිය දායකත්වයක් පළාත් පාලන ආයතන මගින් ලබාදෙන බවත් , වසර තුනක් රට තුළ නොවූ සංවර්ධනය මෙවර ඉටු කිරීම වෙනුවෙන් මධ්‍යම පලාතේ දිස්ත්‍රික්ක තුන සදහා රුපියල් මිලියන 1215 ක් ලැබි තිබෙන බවත් , ඒ මුදලක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා වෙන්වී පවතින බව පෙන්වා දෙන ලද අතර මධ්‍යම පළාතේ ග්‍රාමීය අවශ්‍යතාවයන් හදුනාගෙන ඒ සදහා සක්‍රියව මැදිහත්වන ලෙස ද මෙහිදී ආණ්ඩුකාරවරයා දැනුම්දෙන ලදී. ඒ මහතා මෙලෙස පැවසුයේ මධ්‍යම පළාතේ පළාත් පලාන ආයතන ප්‍රධානින් සමග පල්ලෙකැලේ පළාත් සභා සංකිර්ණයේ දී පැවති විශේෂ සාකච්ජාවකට එක් වෙමිනි. මෙහිදී අංශ රැසක් පිළිබදව කරුණු සාකච්ජාවට බදුන් විය. ප්‍රමුඛ වැඩ විෂයන් හයක් යටතේ තම සේවාවාන් ලබාදෙන අතරම පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකර ගැනිම වෙනුවෙන් ආදායම් එකතු කිරීමේ ක්‍රමවේද සක්‍රිය කිරීම , ආදායම් උත්පාදන නව ව්‍යාපෘති ක්‍රියාවට නැගීම, පළාත් පාලන ආයතනවල වාහන නඩත්තු කටයුතු නිසි ලෙස සිදු කිරීමේ වැදගත්කම , බල ප්‍රදේශවල පවතින අනතුරුදායක හා අනාරක්ෂිත ගස් කපා ඉවත් කිරීම හා ජනතාව දැනුවත් කිරීම , online ගෙවීම් ක්‍රමවේදයන් සෑම පළාත් පාලන ආයතනයකම ක්‍රියාත්මක කිරීම , නාගරික පදික මංතීරු අවහිරතා කඩිනමින් ඉවත් කිරීම , නීති විරෝධී ඉදිකිරීම් හා ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීම , පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත්ව කටයුතු කිරීම යන අංශ කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී. 2022 වර්ෂයේදී පළාත් පාලන ආයතන මගින් ආදායම් බදු එකතු කිරීම 62% ක්ව පැවති බවත් එය 2023 වර්ෂයේදී 77 % දක්වා වර්ධනය කරගෙන ඇති අතර මෙම වර්ෂයේ එය තවදුරටත් වර්ධනය කර ගැනීමට සැලසුම් කොට ඇති බව පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය මෙහිදී පැවසිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook