සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බෝනොවන රෝග සහ ස්වනාරී සායනය පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී

බෝනොවන රෝග සහ ස්වනාරී සායනය පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී

පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු අංශය විසින් පවත්වනු ලැබූ බෝනොවන රෝග සහ ස්වනාරී සායනය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ හා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. රේඩා ආයතනය හා සම්බන්ධව දෛනික රාජකාරී සිදු කරන කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ තුළින් සිදු විය .මෙම සෞඛ්‍ය සායනයේ දී නොමිලයේ වෛද්‍ය පරීක්ෂණයන් සිදු කර ගැනීමට ඔවුනට අවස්ථාව හිමි විය.මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පර්යේෂණ දායකත්වයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ හා world vision ආයතනයේ අනුග්‍රාහක දායකත්වය හිමිවිය. මෙහිදී බෝනොවන රෝග පිළිබඳ දේශනයක් මහනුවර දිස්ත්‍රික් බෝ නොවන රෝග පිළිබඳව වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී දිසානායක මහතා විසින් පැවැත්විය.එසේම ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් මහනුවර මහ රෝහලේ සායනික පෝෂණය පිළිබඳ වෛද්‍ය ඉවෝනි ජයවීර මහත්මිය විසින් දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් පුහුණු චන්දන වික්‍රමසූරිය මහතා, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මිය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් වෛද්‍ය නිලධාරීන් හා හෙද හෙදියන්, රේඩා ආයතනයේ මෙහෙයවීම යටතේ මධ්‍යම පළාතේ ආයතනයන්ට අනුයුක්තව කටයුතු කරනු ලබන කාන්තාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බෝනොවන රෝග සහ ස්වනාරී සායනය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook