
අලුත්වෙන නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය...
අලුත්වෙන නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණය...
මාතලේ, නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයේ, නව කෘත්‍රිම තණ තීරුව සදහා මුල් ගල තැබීම සහ නවීකරණය කිරීමේ උත්සවය ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (28) දින සිදු කෙරිණි.
සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයයේ මුල්ගල තැබීම සිදු කෙරුණු අතර, ක්‍රීඩාංගණයේ නව කෘත්‍රිම තණ තීරුව සදහා මුල් ගල තැබීම සහ නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 110 ක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වෙන්කර ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු සම සභාපති නාලක කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම අවස්ථාව සහභාගී වූහ.