සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

‘ජයගමු ශ්‍රී ලංකා’ මහනුවරට...

‘ජයගමු ශ්‍රී ලංකා’ මහනුවරට...

‘ජයගමු ශ්‍රී ලංකා’ මහනුවරට... කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ සේවාවන් නගරයෙන් නගරයට ගෙනයාමේ අරමුණ කොට ගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවය මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදි ආරම්භ කෙරිණි. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම ජංගම සේවාව , ඊයේ 01 දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනාවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපන ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව, පාසල් උපකරණ ප්‍රදානය කිරීම, විදේශගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදීම, වැනි ව්‍යාපෘති ඇතුලත් විය . මිට සමගාමී ව සාර්ථක ස්වයං රැකියා නිරතවූවන් ඇගයීමට පියවර ගෙන තිබු අතර ඔවුන්ගේ නිෂ්පාදන ඇතුලත් වෙළඳපලක් ද දෙදින පුරා පැවත්විමට ද පියවර ගෙන තිබිණි.. මෙහිදි විගමණික ශ්‍රමිකයන් සඳහා ඇස් කන්නාඩි, රෝද පුටු හා වෛද්‍ය උපකරණ, විගමණික ශ්‍රමිකයන් ඉගෙනුම ලබන පාසල් වල දරුවන්ට සුහුරු පුවරු ලබාදීම, විදේශ රැකියා සම්බන්ධයෙන් තරුණ තරුණියන් හා රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ද ඇතුලත් විය . අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නීතිඥ උදයන කිරිඳිගොඩ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.පී. විමලවීර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු විගමණික ශ්‍රමිකයන් හා ඔවුන්ගේ දූ දරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook