සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

රේඩා" ප්‍රගතිය පැසසුමට ලක්වේ...

රේඩා" ප්‍රගතිය පැසසුමට ලක්වේ...

රේඩා" ප්‍රගතිය පැසසුමට ලක්වේ... මධ්‍යම පළාත් ආර්ථික සංවර්ධනය කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) ප්‍රගති සමාලෝචන රැස්වීමක් මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ දි පසුගිය දා (01) පැවැත්විණී. 2019 වසර සිට 2023 දක්වා වසර පහ තුළ ආයතනය විසින් සිදුකළ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රගතිය හා ආයතනයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරිණි. මධ්‍යම පළාතේ සංචාරක ස්ථාන, සංචරණ ප්‍රවර්ධනය හා ජනතාවගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සේවා තවදුරත් ජනතාව අතරට ගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධව මෙහිදී අවධානයට යොමුවිය. එමෙන්ම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් පසුගිය පස් වසර තුළ සිදු කළ සංවර්ධන කාර්යයන් සම්බන්ධයෙන් පසු විපරම් කිරීමද සිදුවිය. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි ආණ්ඩුක‍ාරවයා‍ගේ විශේෂ ඇගයීමකට ලක් වූ අතර එම ආයතනයේ සේවාවන් ජනතාව අතරටගෙන යාමේ අවශ්‍යතාවය ද මෙහිදි ආණ්ඩුකාරවරයාගේ විසින් පෙන්වා දෙන ලදි. මෙම අවස්ථාවට මතින් පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යයන් ලේකම් හා කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මේනක හේරත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය, යන මහත්වරු ඇතුළු කලාපී ආර්ථික සංවර්ධන ආයතනයේ සාමාජික මණ්ඩලයේ නිලධාරීන්, කර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook