සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ දරුවන්ගේ නැණ පහන් දල්වන්න ඔබටත් අරාධනා !

මධ්‍යම පළාතේ දරුවන්ගේ නැණ පහන් දල්වන්න ඔබටත් අරාධනා ! ❛❛𝗡𝗲𝗻𝗮 𝗣𝗮𝗵𝗮𝗻 𝗗𝗮𝗹𝘄𝗮𝗺𝘂❞ - 𝗥𝗲𝗰𝗿𝘂𝗶𝘁𝗺𝗲𝗻𝘁 𝗼𝗳 𝘃𝗼𝗹𝘂𝗻𝘁𝗲𝗲𝗿 𝘁𝗲𝗮𝗰𝗵𝗲𝗿𝘀 ❛❛නැණ පහන් දල්වමු❞ ව්යාපෘතිය - පරාර්ථකාමී ගුරුවරුන් බඳවාගැනීම (දෙවන අදියරය) මීමුරේ ආරණ්යය සේනාසනයේ සංකල්පයකට අනුව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මැතිතුමා, මධ්යම පළාත් අධ්යාපන හා ප්රධාන අමාත්යාංශයේ ලේකම් මේනක හේරත් මහත්මාගේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ පළමු අදියරය ලෙස මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්යාලයෙන් ආරම්භ වන්නට යෙදුණු ❛❛නැණ පහන් දල්වමු❞ පරාර්ථකාමී ඇදුරුමඬුල්ලක් ස්ථාපනය කිරිම තුළින් දුෂ්කර පාසල්වල අධ්යාපනය නගාසිටුවීමේ ව්යාපෘතියෙහි දෙවන අදියරය වශයෙන් මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්යාලය ඇතුළු තවත් දුෂ්කර පාසල් කිහිපයකින් ලැබී ඇති ඉල්ලීම් වලට අනුව එම පාසල් සඳහා නව පරාර්ථකාමී ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ සඳහා සුදුසුකම් සපුරන පරාර්ථකාමී ඔබටත් සිදු කෙරෙන ගෞරවනීය ආරාධනය යි!!! මේ සඳහා ඔබට පහසු කාලසීමාවක් සම්බන්ධවිය හැකි අතර එහිදී ඔබට ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලබන අතර ඔබගේ සේවාකාලය අවසානයේ මධ්යම පලාත් ප්රධාන හා අධ්යාපන අමාත්යාංශයේ ලේකම් මේනක හේරත් මහත්මා විසින් ඔබගේ පරාර්ථකාමී සේවාව අගයකිරීමක් සිදුකරනු ලබයි. • පළමු අදියරය ගැන. පසුගිය අගෝස්තු 24 වන දින මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මැතිතුමා, මධ්යම පළාත් අධ්යාපන හා ප්රධාන අමාත්යාංශයේ ලේකම් මේනක හේරත් මහත්මා සහ පළාත් අධ්යාපන අධ්යක්ෂ අමරිසිරි පියදාස මහත්මා ඇතුලු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්යාලයෙන් ❛❛නැණ පහන් දල්වමු❜❜ ව්යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී... එම දිනයේදී පරාර්ථකාමී ගුරු සේවාව සඳහා අප කළ ආරාධනය මත දිවයිනේ නන් දෙසින් අයදුම් කළ බොහෝ අයදුම්පත් අතුරින් උපරිම සුදුසුකම් සහිතව තෝරාපත්කරගත් ගුරුවරියන් සිව් දෙනෙක් කයිකාවල කණිෂ්ඨ විද්යාලය තුළ තම පරාර්ථකාමී සේවා කටයුතු ආරම්භ කරන ලදී... එහිදී ආරණ්යය සේනාසනයේ මූලිකත්වයෙන් ඩෙස් සහ පුටු 50 බැගින් පරිත්යාග කෙරිණ... https://m.facebook.com/story.php?story_fbid=613163717652310&id=100068760607588&mibextid=Nif5oz එම සමාරම්භක උත්සවයේදී ❛❛නැණ පහන් දල්වමු❜❜ ව්යාපෘතියට සමගාමීව රැස්ව සිටි පිරිස මධ්යයේ මීමුරේ තාක්ෂණික හරිත අධ්යාපනික ගම්මානය යන සංකල්පය ද ඉදිරිපත් වූ අතර එයට ද අනුමැතිය ලැබිණ... වැඩසටහන ආරම්භය ගැන පළවූ ලිපිය https://m.facebook.com/story.php?story_fbid=613163717652310&id=100068760607588&mibextid=Nif5oz • වර්තමාන ප්‍රගතිය 1. පාසලේ ගුරුවරු නොමැති අඩුව සම්පූර්ණ වී ඇත. 2. පාසලේ සිසුන්ගේ ඉගෙනීමේ කටයුතුවල වර්ධනය 90% කට වඩා ඉහළ ගොස් ඇත. 3. ව්යාපෘතිය හරහා සම්බන්ධ වූ පරාර්ථකාමී ගුරුවරියන්ගේ මූලිකත්වයෙන් පාසල තුළ නෙට් බෝල් සහ චෙස් යන ක්රීඩා පුහුණු කරවීම ආරම්භ කොට ඇත. https://www.facebook.com/100068760607588/posts/659893962979285/ 4. ❛❛මීමුරේ තාක්ෂණික හරිත අධ්යාපනික ගම්මානය❜❜ යන සංකල්පය යටතේ පාසලට මීමුරේ ආරණ්යය සේනාසනයේ මූලිකත්වයෙන් සහ ශ්රී ලංකා යුධ හමුදාවේ ශ්රම දායකත්වය යටතේ නව අංගසම්පූර්ණ පරිගණක විද්යාගාරයක් සහ පුස්තකාලයක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කොට එහි ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරය මෙම දිනවලදී සිදු කෙරෙමින් පවතී. 5. සිසුන්ගේ පාසල් පැමිණීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇත. 6. පාසල් නිවාඩු කාලය තුළදී සේවයේ නියුතු රජයේ පාසල් ගුරුවරුන් සහ විශ්ව විද්යාල සිසුන් සමඟ එක්ව පාසල් නිවාඩුකාලීන අධ්යාපනික සම්මන්ත්රණ පැවැත්වීම සහ එම වැඩසටහන් මගින් දරුවන්ගේ අධ්යාපනික සාධන මට්ටම ශීඝ්රයෙන් ඉහළ යාම. 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗩𝗮𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗺𝗶𝗻𝗮𝗿 - ❛❛පරාර්ථකාමින් ලොව වර්ණවත් කරයි❜❜ පාසල් නිවාඩු කාලීන අධ්යාපනික සම්මණ්ත්රණය 01 https://m.facebook.com/story.php?story_fbid=690532536582094&id=100068760607588&mibextid=Nif5oz 𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗩𝗮𝗰𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗦𝗲𝗺𝗶𝗻𝗮𝗿 - ❛❛පරාර්ථකාමින් ලොව වර්ණවත් කරයි❜❜ පාසල් නිවාඩු කාලීන අධ්යාපනික සම්මණ්ත්රණය 02 https://m.facebook.com/story.php?story_fbid=697906815844666&id=100068760607588&mibextid=Nif5oz • මීමුරේ ප්‍රාථමික විද්යාලයට පරාර්ථකාමී ගුරුවරුන් ස්ථාපනය කිරීම. මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්යාලයෙන් ආරම්භවන්නට යෙදුණු නැණ පහන් දල්වමු පරාර්ථකාමී ඇදුරු මඬුල්ලක් ස්ථාපනය කිරීමේ වැඩසටහන අතිසාර්ථක ප්රතිඵල අත්පත් කරගනිමින් ක්රියාත්මක වන බව දුටු මීමුරේ ප්රාථමික විද්යාලයේ විදුහල්පති ඩබ්ලිව් යූ රංජන් බණ්ඩාර මහත්මාත්, මීමුරේ ප්රාථමික විද්යාලයේ සිසු දරු දැරියන්ගේ දෙමව්පියන්ගේත් දැඩි ඉල්ලීම මත අප එම විද්යාලයේත් පසුගිය සැප්තැම්බර් 04 දින පරාර්ථකාමී ගුරුවරියන් තිදෙනෙක් ලබාදෙමින් නැණ පහන් දල්වමු ව්යාපෘතිය ක්රියාත්මක කරන ලදී... https://m.facebook.com/story.php?story_fbid=634865205482161&id=100068760607588&mibextid=Nif5oz විස්තර ඇතුළත් වීඩියෝව නැරඹීමට පහත Link එක ඔස්සේ පිවිසෙන්න https://fb.watch/qrPD1tJ0Ae/?mibextid=Nif5oz • ගලමුදුන කණිෂ්ඨ විද්යාලයට පරාර්ථකාමී ගුරුවරුන් ස්ථාපනය කිරීම. අති දුෂ්කර ගම්මානයක් මෙන්ම සරල ජීවන රටාවකින් හෙබි පවුල් 35ක් පමණ ජීවත්වන මේ ගම්මානයේ මිනිසුන් සතියකට වතාවක් පමණක් 8km අධික දුෂ්කර මාර්ගයක් පයින්ම පැමිණ තවත් 15km ක් පමණ දුරින් තිබෙන හසලක නගරයට පැමිණෙන්නේ තම මූලික අවශ්යතාවයන් පමණක් සපුරා ගැනීමට යි. ඉතින් මේ ගම්මානයට ඇත්තේ එකම පාසලයි, ඒ ගලමුදුන කණිෂ්ඨ විද්යාලය යි... එහි දැනට සේවයේ නියුතු ගුරුවරුන් එහි නතර වී දුවා දරුවන්ගේ අධ්යාපනය නගාසිටුවීමට මහත් වෙහෙසක් දරණ අතර එහි ප්රතිඵලයක් ලෙස මේ වනවිට විශ්වවිද්යාල සිසුන් 04 දෙනෙක් පවා බිහිකිරිමට සමත්වී ඇත්තේ පවතින ගුරු හිඟය ද යටතේ ය... මෙහිදී අප පාගමනින්ම මීමුරේ සිට ගලමුදුන ගම්මානයට ගමන් කලේ අතීතයේ සිට මීමුරේ සහ ගලමුදුන ගම්මානය අතර ඇති අඩිපාර (ගමන් මඟ) සොයාගෙනය. ඒ කඳු, බැවුම්, කටු කැලෑ සහ ගංඟාවල් පවා තරණය කරමින් සහ ගලමුදුන ගම්මානය දක්වා යාමට පමණක් පැය 08 පමණ කාලයක් කැලය මැදින් ගමන් කරමිනි... මෙහිදී අප පළමු අදියරය ලෙස ගණිතය සහ විද්යාව ඉගැන්වීම සඳහා සිවිල් ඉජිනේරුවෙකු වන සඳරුවන් ගුරුමහත්මාව යොමුකල අතර අති දුෂ්කර පාසලක තම පරාර්ථකාමී සේවාව ලබාදීමට ඉදිරිපත් වූ ඔහුව පුණ්යානුමෝදනාත්මකව සිහිපත් කරමු... විස්තර ඇතුළත් ලිපිය සහ ඡායාරූප https://www.facebook.com/100068760607588/posts/644542894514392/ • දෙවන අදියරය සඳහා පරාර්ථකාමී ගුරුවරුන් බඳවාගැනීම. මෙම ව්යාපෘතියෙහි වටිනාකම සහ කාලෝචිත බව වටහාගනිමින් එය මධ්යම පළාත පුරා ව්යාප්ත කිරීම සඳහා මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා සහ පළාත් අධ්යාපන හා ප්රධාන අමාත්යාංශයේ ලේකම් මේනක හේරත් මහත්මාගේ අනුමැතිය ලබා දී ඇත... මීමුරේ කයිකාවල කණිෂ්ඨ විද්යාලයෙහි දෙවන බඳවාගැනීම ද ඇතුළුව ගුරු හිඟය දැඩි ව පවතින අනෙකුත් පාසල් කිහිපයක් සඳහා පරාර්ථකාමී ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු ආරම්භ කර ඇත... දුෂ්කරතා රැසක් මධ්යයේ අධ්යාපනය හදාරන සිසු දරුවන් වෙනුවෙන් අධ්යාපනය ලබාදීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, හරිත අධ්යාපන ක්රමයක් ස්ථාපනය කිරීමේ දෙවන අදියරය ලෙස ක්රියාත්මක වන ❝නැණ පහන් දල්වමු❞ ව්යාපෘතිය සමග, පහත පෝරමය පුරවා අත්වැල් බැද ගැනීමට අප මෙලෙස ගෞරවයෙන් ඇරයුම් කරමු... එය, මෙවන් දුෂ්කර සමයක ඔබ සිදුකරන වටිනා සමාජ සත්කාරයක් වනවා සේම උතුම් පුණ්යකර්මයක් වන බව ද සිහිපත් කරමු... දිවයිනේ ඕනෑම ප්රදේශයක සිට මෙම මාහැඟි සමාජ මෙහෙවර උදෙසා පැමිණෙන ඔබට, ඉගැන්වීම් සිදුකරන කාලසීමාව සඳහා ආහාර පාන සහ නවාතැන් පහසුකම් නොමිලයේ සලසා දීමට අප කටයුතු කරන්නෙමු... • ❝නැණ පහන් දල්වමු❞ ව්යාපෘතියට දායක වීමට අපේක්ෂා කරන ඔබ සම්පූර්ණ කළ යුතු පෝරමය : https://forms.gle/RnFGfPSvLuL6hdZd7 • ❝නැණ පහන් දල්වමු❞ ව්යාපෘතිය සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තර ඇතුලත් විඩියෝව නැරඹීමට පහත link එක ඔස්සේ පිවිසෙන්න https://youtu.be/ZsFKPElJIFo?si=T-EKePCU4846oQPX • ❝නැණ පහන් දල්වමු❞ ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කරන ලද සියලුම වැඩසටහන් සහ ක්රියාකාරකම් පිළිබඳව සියලුම විස්තර දැනගැනීම සඳහා පහත links ඔස්සේ පිවිසෙන්න • පරිගණක විද්යාගාර ,පුස්තකාල සහ උසස් පෙළ පන්තිකාමර ඉදිකිරීමේ ව්යාපෘතිවල විස්තර නැරඹීමට පහත links ඔස්සේ පිවිසෙන්න Post 1 - ඉදිකිරීම් කටයුතු පිළිබඳ සාකච්ඡාව https://m.facebook.com/story.php?story_fbid=654796170155731&id=100068760607588&mibextid=Nif5oz Post 2 - ඉදිකිරීම් කටයුතු සඳහා සිමෙන්ති මිටි 200ක් ප්රදානය කිරීම https://m.facebook.com/story.php?story_fbid=655020223466659&id=100068760607588&mibextid=Nif5oz Post 3 - ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම https://m.facebook.com/story.php?story_fbid=656040963364585&id=100068760607588&mibextid=Nif5oz Post 4 - ඉදිකිරීම් සඳහා දෙමව්පියන් අතුළු පිරිසගේ කැපවීම පිළිබඳව https://m.facebook.com/story.php?story_fbid=662933136008701&id=100068760607588&mibextid=Nif5oz Post 5 - පරිගණක විද්යාගාරයෙහි බිම ටයිල් ඇතිරීම සහ දොර ජනෙල් උළුවහු සවි කිරීම https://m.facebook.com/story.php?story_fbid=668796835422331&id=100068760607588&mibextid=Nif5oz Post 6 - වැඩකටයුතු නිම කරන ලද එක් උසස් පෙළ පන්තිකාමරයක් https://m.facebook.com/story.php?story_fbid=694665056168842&id=100068760607588&mibextid=Nif5oz • ව්යාපෘතිය පිළිබඳව මධ්යම පළාත් අධ්යාපන හා ප්රධාන අමාත්යාංශයේ නිල ෆේස්බුක් පිටුවෙහි පළ කරන ලද ලිපිය සහ ඡායාරූප https://m.facebook.com/story.php?story_fbid=159728300490197&id=100093590824140&mibextid=Nif5oz #ProjectNenaPahanDalwamu #projectnenapahandalwamu #Project_Nena_Pahan_Dalwamu #project_nena_pahan_dalwamu නැණ_පහන්_දල්වමු_ව්යාපෘතිය #නැණපහන්දල්වමුව්යාපෘතිය #project_නැණ_පහන්_දල්වමු #Projectනැණපහන්දල්වමු #projectනැණපහන්දල්වමු #මීමුරේ_හරිත_අධ්යාපනික_ගම්මානය #මීමුරේහරිතඅධ්යාපනිකගම්මානය #Meemure_Green_Educational_Village_Concept #meemure_green_educational_village_concept #MeemureGreenEducationalVillageConcept #meemuregreeneducationalvillageconcept #මීමුරේ_ආරණ්ය_සේනාසනය #මීමුරේආරණ්යසේනාසනය #Meemure_Aranya_Senasanaya #meemure_aranya_Senasanaya #MeemureAranyaSenasanaya #meemurearanyasenasanaya #Meemure #meemure #EducationExellence #SchoolProject #SchoolTrip

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook