
පරිගණක පුහුණු වැඩසටහනක්.
මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පතක් බිහි කිරීමේ අරමුණින් මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් වෙනුවෙන් Microsoft Excel පිළිබඳ පුහුණු වැඩසටහනක් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පසුගියදා (01) පැවැත්විණි.
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ නියුතු ප්‍රියනාත් ඉද්දමල්ගොඩ මහතා මෙහි සම්පත් දායකත්වය දැරීය.
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු ) චන්දන වික්‍රමසූරිය මහතාගේ මෙහෙයවීම හා මඟපෙන්වීම මත කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ ටී.බී. දෙහිගොල්ලේ මහත්මියගේ උපදේශකත්වයෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.