සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ක්‍රීඩා, පේෂකර්ම හා විගණන දෙපාර්තමේන්තුවලට අලුත් ප්‍රධානීන්.

ක්‍රීඩා, පේෂකර්ම හා විගණන දෙපාර්තමේන්තුවලට අලුත් ප්‍රධානීන්.

ක්‍රීඩා, පේෂකර්ම හා විගණන දෙපාර්තමේන්තුවලට අලුත් ප්‍රධානීන්. මධ්‍යම පළාත් පේෂ කර්ම හා ක්‍රීඩා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණි තනතුරු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11) සිදු කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සිදු විය. ඒ අනුව, පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරිණියක් වන ඒ.පී.පී.එස් අමරතුංග මහත්මිය පත් කෙරිණි. මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණියේ නිලධාරිණියක් වන ආර්.තිලගේෂ්වරී මහත්මිය පත්වූවාය. මධ්‍යම පළාත් විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ I ශ්‍රේණියේ නිලධාරිණියක් වන ඒ.එම්.පී.එච්. අත්තනායක මහත්මිය පත් කෙරිණි. මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook