සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු පාලනය යහපත් අතට...

මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු පාලනය යහපත් අතට...

මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු පාලනය යහපත් අතට... මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු පාලනය අඩු වී ඇති නමුත් ඉදිරි අප්‍රේල් මාසයෙන් පසු නැවත ‍වර්ධනයක් අතිවිය හැති බැවින් ඒ සඳහා විශේෂ අවධානය යොමු කර කටයුුතු කළ යුතු බව ‍විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා සදහන් ක‍ළේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පැවති මහනුවර දිස්ත්‍රික් ‍ඩෙංගු මර්දන කමිටුවේදී මෙම අදහස් ප්‍රකාශ කළේය. මේ සඳහා අවශ්‍ය උපදෙස් හා සහාය ‍දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලය මගින් පළාත් පාලන ආයතන ඇතුළු ආයතන සඳහා ලබාදිය හැකි බවත්, පළාත් පාලන ආයතනවලින් අවශ්‍ය සහාය ලබා දීම මගින් ඩෙංගු පාලනය කිරීමට හැකි බවත්, වාර්තාවන රෝගීන්ගේ ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව පවතින බවත් ‍සුරංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මහනුවර නගර සීමාව ඩෙංගු පාලනය සඳහා විශේෂ අවධානය යොමු කිරීම සිදු කළ යුත් බවත්, නගර සීමාව තුළ ඩෙංගු රෝගීන් වාර්තාවන ප්‍රමාණය අඩු කර ගැනීමට කඩිනමින් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කළ යුතු බවත්, මෙහිදි විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ‍ය. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්, සෞඛ්‍ය හා පළාත් පාලන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook