සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නායකත්වය පිළිබද  පාලන ආයතන ප්‍රධානීන්ට නව  පුහුණුවක්.

නායකත්වය පිළිබද පාලන ආයතන ප්‍රධානීන්ට නව පුහුණුවක්.

නායකත්වය පිළිබද පාලන ආයතන ප්‍රධානීන්ට නව පුහුණුවක්. මධ්‍යම පළාතේ පලාත් පාලන ආයතනවල ප්‍රධානීන් හා මාණ්ඩලික නිලධාරීන් සඳහා නායකත්ව පුහුණු හා ආකල්ප සංවර්ධන පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (12) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා මෙම වැඩසටහනේ සම්පත්දායක ලෙස කටයුතු කළේය. මේ සඳහා මධ්‍යම පළාතේ පාලක් පාලන ආයතන නියෝජනය කරමින් නාගරික කොමසාරිස්වරුන්, ලේකම්වරුන් සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් ඒ.එම්. කේ.සි. අතපත්තු, නියෝජ්‍ය කොමසාරිස් ලක්මාලි අත්තනායක යන මහත්මීන් සහ දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී ඩබ්.එම්.ජී.ටී.ඒ. බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook