සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත හමුවක්... එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ පෙන්චේ (Mark Andre Franche) මහතා ඇතුළු නියෝජිත පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා සමග සාකච්ඡාවක් පසුගිය (14) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී දෙපාර්ශවය අතර, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ආයතන හරහා මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් හා සේවා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මධ්‍යම පළාත තුළ පවතින සමාජ, ආර්ථික ගැටලු, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය හා වාර්ගික විවිධත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම අවස්ථාවට සහභාගි වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා විසින් සමරු තිලිණයක් ලබාදීමද සිදුවිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook