සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ 'හදිසි ප්‍රතිකාර ඒකකය' රෝගී සත්කාරයට....

කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ 'හදිසි ප්‍රතිකාර ඒකකය' රෝගී සත්කාරයට....

කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ 'හදිසි ප්‍රතිකාර ඒකකය' රෝගී සත්කාරයට.... යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්දිවල, කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකය, රෝගී සත්කාරය සඳහා විවෘත කිරීම අද (19) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ග්‍රාම සංවර්ධනය 'ඇවැසීම මොහොතක අවැසිම තැනකට' තේමාව යටතේ දියත් කළ ග්‍රාම සංවර්ධන සංවර්ධන සතිය 2023 වැඩසටහන යටතේ යටිනුවර ග්‍රාම සංවර්ධන සමිතිය හා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මෙම ප්‍රතිකාර ඒකකය ඉදිකර ඇත. මේ සඳහා ඇස්තමේන්තු කළ මුදල රුපියල් මිලියන 3.3 ක් වන අතර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය හා සමිති සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය හේතුවෙන් මේ සඳහා වැය වී ඇත්තේ රුපියල් මිලියන 20කට ආසන්න මුදලකි. මෙම හදිසි ප්‍රතිකාර ඒකකය ආරම්භ වීමත් සමග ප්‍රදේශයේ ගම්මාන පනහකට අධික සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර සේවාව ලබා ගැනීමට හැකියාව උදාවී ඇත. මෙම ප්‍රතිකාර ඒකක විවෘත කිරීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මධ්‍යම පළාත් කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ උපේක්ෂා විජේසිංහ, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ගුණරත්න යන මහත්ම මහත්මීන්, කොටලිගොඩ ග්‍රාමීය රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලය, යටිනුවර ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඇතුළු සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook