සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

අස්ගිරි මහා නායක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන.

අස්ගිරි මහා නායක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක ස්වාමින්වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සුභාශිංසන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මහනුවර අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක ස්වාමින්වහන්සේ බැහැ දැකීම (18) සිදුවිය. එහිදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක වහන්සේගේ ජන්ම දිනයට ගරු ජනාධිපතිවරයාගේ, ගරු අග්‍රාමාත්‍යවරයාගේ සහ සමස්ථ රජයේ සුභාශිංසන එක් කළේය. පළාත් ආණ්ඩුකාරවරයා මහ නා හිමිපාණන්වහන්සේ සමග සුහද කතාබහක ද නිරත වෙමින් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්කයන්හී ඉදිරි සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයා මෙහිදි මහා නාහිමිපාණන්වහන්සේ දැනුවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook