
මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ බාලිකා ද්විත්ව ශූරතා උඩදුම්බර ද්විතීක පාසල දිනා ගනී.
මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ බාලිකා ද්විත්ව ශූරතා උඩදුම්බර ද්විතීක පාසල දිනා ගනී.
මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේ බාලිකා ශූරතා ද්විත්වයක් දිනා ගැනීමට මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පිහිටි උඩු දුම්බර ද්විතීක පාසල සමත් වේ.මෙම පාපන්දු තරගාවලියේදී වයස අවුරුදු දොළහෙන් පහළ බාලිකා(12පහළ ) අංශයෙන් හා වයස අවුරුදු දාසයෙන් පහල (16පහළ) බාලිකා අංශයේ ශූරතාවයන් දිනා ගැනීමට මෙම විද්‍යාලීය කණ්ඩායම් සමත් වූයේ නගරයේ ප්‍රමුඛ පාසල් පරාජයට පත් කරමිනි.වයස අවුරුදු12 න් පහළ පාපන්දු කණ්ඩායම අඹතැන්න පුෂ්පදාන විද්‍යාලය ගෝල 2 – 0 ලෙස පරාජය කර සමස්ත ලංකා තරගාවලියට තේරි පත් වූ අතර 16න් පහළ කාන්තා පාපන්දු කණ්ඩායම ගම්පොළ ශාන්ත ජෝසප් කණ්ඩායම සමග පැවති අවසන් තරගයේ දී ගෝල 1 – 0 ලෙස ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගනිමින් සමස්ත ලංකා තරගාවලිය සදහා තේරි පත්විය. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරග පසුගියදා ගම්පොළ විගුලවත්ත ක්‍රිඩාංගණයේ දී හා පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රිඩාංගනයේ දී පැවැත්විණ.2016 වසරේ දී ආරම්භ කරන ලද පාසලේ පාපන්දු පුහුණුවීම් කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනු ලබන්නේ පාසලේ ක්‍රීඩාභාර්ය ආචාරිනි සුජීවා නිල්මිණී අලුත්ගේ මහත්මියගේ උපදෙස් හා පුහුණුකරු ලෙස කටයුතු කරන එම්.ධම්මික මහතාගේ නිවැරදි මඟ පෙන්වීම යටතේය. වසර හතක් තුළ විශාල ප්‍රගතියක් අත් කර ගනිමින් මෙම පාසල සෑම වසරකම කුමන හෝ වයස් කාණ්ඩයක් නියෝජනය කරමින් සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියකට සහභාගි වීමට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.