
හිමාලය නගින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසට මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්‍යාලයෙන් අත්වැලක්...
හිමාලය නගින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසට මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්‍යාලයෙන් අත්වැලක්...
මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ සියවස් සැමරුමට සමගාමීව සිදුකරන සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ලෙස හිමාලය කන්ද තරණය කිරීම සදහා සූදානම්ව සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස සදහා මුදල් ත්‍යාගයක් හා එම සිසුන්ට සුබ පැතුම් එක් කිරීමේ වැඩසටහනක් මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලයේදී පසුගිය (20) පැවත්විනි. ඒ සදහා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය ආතීරා එස්. මෙනෙවිය ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් පී.සෝමරාජ් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේශකයින්ගේ සංගමයේ අනුශාසක ආචාර්ය ප්‍රියදර්ශනී ප්‍රේමරත්න මිය සහ හිමාලය කන්ද තරණය සදහා සූදානම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස එක්ව සිටියහ.