සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

හනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා  විහාරස්ථානයේ ඉදිකරන ලද පස් මහල් ධර්ම ප්‍රාසාදය සගසතු කෙරේ.

හනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද පස් මහල් ධර්ම ප්‍රාසාදය සගසතු කෙරේ.

මහනුවර අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ ඉදිකරන ලද පස් මහල් ධර්ම ප්‍රාසාදය සගසතු කිරීමේ මහෝත්සවය ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඥානරතන මහා නායක හිමිපානන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පෙරටුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ. මීට සමගාමීව මහා සංඝරත්නය 50 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණ. ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධීන් රැසක් සනිටුහන් කරන මෙම විහාරස්ථානයේ මෙම පස්මහල් ධර්ම ශාලාව ඉදිකිරීම සඳහා වසර පහක් ගත වී ඇති අතර මේ සඳහා වැයකොට ඇති මුදල මිලියන 750 ක් වේ. මෙම ගොඩනැගිල්ලේ භික්ෂු සංඝාවාසයක් ,පුස්තකාලයක්, භාවනා මධ්‍යස්ථානයක් ,විදේශීය භික්ෂූන් සඳහා නේවාසික පහසුකම් සැපයීම ඇතුළු බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ අංග රැසකින් සමන්විත වේ. මෙම අවස්ථාව සඳහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක සොලොස්මස් ස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු අනුනායක ස්වාමීන් වහන්සේලා හා මහා සංඝරත්නය, හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, යන මහත්ම මහත්මීන් , ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook