සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාතේ ගුරු සේවයට 145 දෙනෙකු එක්වේ.

මධ්‍යම පළාතේ ගුරු සේවයට 145 දෙනෙකු එක්වේ.

මධ්‍යම පළාතේ ගුරු සේවයට 145 දෙනෙකු එක්වේ. රටක විනයවත් බව දියුණුවේ ප්‍රධානම සාධකයක් . ඒ නිසා වෘත්තීය ආදර්ශමත් බව රැක ගැනීම රටේ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. රටේ විනය ගොඩනැගීමේ ප්‍රධාන බලවේගය වන්නේ ගුරුවරුන්. අනාගත දරු පරපුර නිවැරදි දිශානතියකට යොමු කලොත් රටේ යහපත උදාවේවි. තමන්ගේ අයිතිවාසිකම් ගැන හිතනවා වෙනුවට දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම ගැන සිතන සමාජයක් රටට අවශ්‍යයි. “රටෙන් ඔබට යන්න වෙනුවට ඔබෙන් රටට” යන ආදර්ශය සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවයක්. රටක් නිවැරදි දිශානතියකට ගෙනයන්නත් රටක් වට්ටන්නත් අධ්‍යාපන ක්‍රමයට පුළුවන්. ඒ නිසා තමන්ගේ ගුරු භූමිකාවේ යුතුකම පිළිබඳව නැවත නැවත සිතා බැලිය යුතු කාලයක් මේ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසූයේ ගුරු සහයකයින් සහ ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් මධ්‍යම පළාත් ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. එම උත්සවය අද දින(22) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පළාත තුළ දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස දීර්ඝ කාලයක් පාසල් වල ගුරු සහයකින් ලෙස සාර්ථකව රාජකාරි ඉටු කළ සුදුසුකම් සපුරා ඇති 136 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම හා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදු කරන ලදි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා පනස් හතර දෙනෙකු (54) , නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හැත්තෑ අට දෙනෙකු (78) හා මාතලේ දිස්ත්‍රික්කය සඳහා හතර දෙනෙකු (04) පත්වීම් ලැබූහ. මීට අමතරව ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 09 දෙනෙකු වෙත ද පත්වීම් ලිපි ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය. මධ්‍යම පළාත තුළ ගුරු සහයකින් ලෙස 1782දෙනෙකු බඳවාගෙන ඇති අතර මේ වන විට ඉන් සුදුසුකම් සපුරා ඇති 1509 දෙනෙකු ගුරු සේවයට අන්තර්ග්‍රහණය කොට ඇත්තේ පළාතේ අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙනි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ,නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුද පාණ්ඩි රාමේශ්වරන්, වතු භාරයේ සභාපති භාරත අරුල්සාමි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook