
මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ දත්ත විශ්ලේෂණ, ප්‍රගති පාලන සහ කාර්යසාධන පද්ධතියට ප්‍රථම ස්ථානය
මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ දත්ත විශ්ලේෂණ, ප්‍රගති පාලන සහ කාර්යසාධන පද්ධතියට ප්‍රථම ස්ථානය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල ද කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු පවතී. එයට ප්‍රධාන හේතුවක් වන්නේ එම ආයතනවල තීරණ ගැනීමට අදාල ක්‍රමවත් දත්ත පද්ධතියක් නොමැතිවීම, දත්ත විශ්ලේෂණය කිරීමට ක්‍රමවේද නොමැති වීම, රාජකාරී ඉලක්ක නිසි ලෙස නොපැවරීම, පවරන ලද රාජකාරී වල ප්‍රගතිය වාර්තා කිරීමට නිවැරදි ක්‍රමයක් නොමැති වීම සහ එම ප්‍රගතිය පාදක කරගෙන අදාල නිලධාරීන්ගේ කාර්ය සාධනය මැන බැලීම සිදු නොවීමයි. පිළිබඳව දශක ගණනාවක් තිස්සේ කතිකාවත් ඇති වූවත් සඳහා ස්ථිරසාර විසඳුමක් ලැබී නැත
මේ සම්බන්ධව සලකා බලා මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව ඒ සඳහා වන දත්ත විශ්ලේෂණ , ප්‍රගති පාලන හා කාර්ය සාධන පද්ධතියක්(MIS coop) සකස් කරන ලදී. ඒ තුළින් ආයතනයේ සමස්ථ දත්ත විශ්ලේෂණය, දත්ත ගබඩාව, ප්‍රගති පාලනය හා කාර්ය සාධනය ඉටු කිරීම සිදුවේ. දැනට වසර දෙකකට පෙර ආරම්භ කරන ලද මෙය විවිධ පර්යේෂණ හා සංවර්ධනය කිරීම් ඔස්සේ වර්තමානයේ ක්‍රිරියාත්මක වන සහ එම ක්‍රියාත්මක වීම තුළින් ඉහත කී දත්ත විශ්ලේෂණය, ප්‍රගති පාලනය හා කාර්ය සාධනය සිදු කරන මෙවලමක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම කාර්ය සාධනය සඳහා රාජ්‍ය සේවයේ පවතින සම්ප්‍රදායික ක්‍රම වෙනස් කිරීමට නොහැකි බවට නොයෙක් තර්ක විතර්ක පැවතුනද ඒවා අභිබවා ගොස් මෙම ක්‍රමවේදය ඔස්සේ මේ වනවිට ප්‍රගති පාලනය හා කාර්ය සාධනය දෙපාර්තමේන්තුව තුළ සිදුවේ. එලෙසම පළාත තුළ විහිදී ඇති සියලුම සමූපකාර සමිතිද මෙම පද්ධතියට සම්බන්ධ කර එතුළින් ඔවුන්ගේ තොරතුරු සමාලෝචනය, දත්ත විශ්ලේෂණය හා ප්‍රගති පාලනයද සිදු කිරීම් කරනු ලැබේ. එමෙන්ම ඔවුන්ගේද කාර්ය සාධනය සහ ඒ තුළින් සමිති ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලැබේ.
ආරම්භයේදී මෙලෙස සකස් කරන ලද පද්ධතිය මෘදුකාංගයක් ලෙස සකස් කිරීමට ඒ සඳහා මිල ගණන් කැඳවන ලද අවස්ථාවේ මිලියන හතරක පමණ වියදමක් දැරීමට සිදුවන බව දන්වන ලදී. නමුත් එවැනි වැය බරක් සිදු නොකර ඵලදායි ලෙස දෙපාර්තමේන්තුවේ තොරතුරු කළමනාකරන අංශය මගින් මෙය වැඩිදියුණු කරන ලදී. ඒ සඳහා කිසිදු වියදමක් නොදරා නිදහස් පරිගණක යෙදවූම් ඔස්සේ එය සකස් කර ඇති අතර ඒ තුළින් ඕනෑම නිලධාරියකුට සරලව ක්‍රියාත්මක කළ හැකි පද්ධතියක් බවට පත්වී ඇත. මෙම පද්ධතිය ඔස්සේ එක් එක් නිලධාරියාට වෙන වෙනම සම්බන්ධතා ලැබෙන අතර එමඟින් ඔවුන්ගේ දත්ත එකතු කිරීම, ප්‍රගති පාලනය හා කාර්ය සාධනය ඔවුන්ටම සහභාගිත්වයෙන් සිදුකිරීමට හැකි වී ඇත.
මේ වැඩසටහන සම්බන්ධයෙන් ඇගයීම් විවිධ අවස්ථාව ලැබී අතර ඇති අතර විවිධ දෙපාර්තමේන්තුවලින්ද මේ වන විට ඒ සඳහා ඉල්ලීම් ලැබී අප විසින් ඔවුන්ට මෙය නොමිලේ ලබා දි ඔවුන්ද මෙයට අනුගත වෙමින් පවතී.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් දීප ව්‍යාප්තව සංවිධානය කරන ලද රාජ්‍ය ආයතනවල හොඳම ව්‍යාපෘති තේරීමේ වැඩසටහනට අදාළව පැවති Best Practices and Innovations in Public Administration and Governance" (BP-IPAG) symposium එක පසුගියදා පැවැත්විණි . එහිදී Nurturing Human Potential අංශයට දෙපාර්තමේන්තුව විසින් සිදු කරන MIS coop - දත්ත විශ්ලේෂණ, ප්‍රගති පාලන සහ කාර්යසාදන පද්ධතියට එම අංශයේ ප්‍රථම ස්ථානයත් සමස්ත අංශ අතරින් හොඳම හය අතරටත් තේරී පත් විය. . ඒ සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්තුමා විසින් සම්මානයක් ලබා ඇගයීමට ලක් කරන ලදී.