සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය ආණ්ඩුකාර නිරික්ෂණයට.

ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය ආණ්ඩුකාර නිරික්ෂණයට.

ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය ආණ්ඩුකාර නිරික්ෂණයට මහනුවර අධ්‍යාපන කලාපයේ ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ. ගමගේ මහතා 27දා උදැසන එක්වූහ.පසුගියදා පැවති විද්‍යාලයීය ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විමෙන් අනතුරුව විදුහල්පතිනිය විසින් සිදු කළ ඉල්ලිමකට අනුව ආණ්ඩුකාරවරයා මෙම නිරික්ෂණ චාරිකාවට සහභාගී වූහ.ඉතා අවම පහසුකම් මධ්‍යයේ මෙම පාසල පවත්වාගෙන යනු ලබන අතර විදුහල්පතිනිය ඇතුලු ආචර්ය මණ්ඩලයේ කැපවිම මත මෙම කටයුතු සිදු කිරිම පිළිබඳව ආණ්ඩුකාරවර‍යාගේ විශේෂ ඇගයීමකට ලක් විය. මෙම සීමිත ඉඩකඩ තුළ පහසුකම් සැපයීම හා ගොඩනැගිලිවල තත්ත්වය පරීක්‍ෂා කිරීම සදහා කණ්ඩායමක් වහාම පාසලට යැවීමටත්, ඒ අනුව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙන ලදී.මෙම නිරික්ෂණ චාරිකාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සි.අයි. අන්දරගේ, විදුහල්පතිනි කේ.එම්. විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook