
මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අම්පිටියටත් ජලය.
මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් අම්පිටියටත් ජලය
මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතියේ ජල සැපයුම අම්පිටිය කලාපයට සම්බන්ධ කරමින් ධාරිතාවය පුළුල් කළ ජල සැපයුම් ඒකකය විවෘත කිරිම, දුනුමඩලාව ජල පොම්පාගාර පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 27දා සිදු කෙරිණි.
මහනුවර මහ නගර සභාව සතු මෙම ජල ඒකකය මගින් දුනුමඩලාව රක්ෂිතයේ ඇති ජල පෝෂකයෙන් ලබා ගන්නා ජලය අම්පිටිය, බහිරවකන්ද, රජපිහිල්ල මාවත ඇතුලු ප්‍රදේශ කිහිපයකට බෙදා හැරීම සිදු කෙරේ.රුපියල් මිලියන 100ක ඇස්තමේන්තු ගත වියදමින් සිදුවූ එම ව්‍යාපෘතිය සඳහා සෘජු ශ්‍රම දායක්තවය යටතේ රුපියල් මිලියන 70ක වියදමින් සිදු කිරිම සුවිශේ කාරණයක් වන අතර නගර සභාවේ ඉංජිනේරුවරුන්ගේ සහ සේවක පිරිස්වල සහයෙන් මෙම කටයුතු සිදු කර ඇත.වර්ෂ 2019 මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී යෝජනාවකින් සම්මත වූ මෙම ව්‍යාපෘතියේ දැනට තිබුණු ඝන මීටර් 500ක දෛනික පොම්ප කිරීම ඝන මීටර් 950 දක්වා ඉහළ නංවා තිබේ.මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, හිටපු පුරපති කේසර සේනානායක, හිටපු විපක්ෂ නායක සේන දිසානායක නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.