
කඳපොල රාහුල විදුහල ආණ්ඩුකාරතුමන්ගේ නිරික්ෂණයට.
කඳපොල රාහුල විදුහල ආණ්ඩුකාරතුමන්ගේ නිරික්ෂණයට.
මෙම පාසලේ අඩුපාඩු සහිත බවට ලැබුණු කෙටි පණිවිඩයකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කඳපොල රාහුල විදුහල නිරීක්ෂණය කිරීමට පසුගිය 1 දින කටයුතු කළේය. මෙහිදී පාසලේ ජල ගැටලුව, ගොඩනැගිලි නඩත්තු කිරීමේ අවශ්‍යතාව මෙන්ම ගුරු හිඟය පිළිබඳවත් නිරීක්ෂණය කළ අතර පාසලේ සිසු දරුවන් සමගද ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී. මෙම පාසලේ භූමිභාගය යොදාගනිමින් ආදර්ශ ගෙවත්තක් තනාගැනීමට හැකියාව ඇති බවත් ඒ සදහා තිබෙන ගැටළු නිරාකරණය සදහා ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදී. තවද මේ වගාවන් සදහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත සම්බන්ධ ගල්පාලම කෘෂි ගොවිපළ සම්බන්ධ කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම සිදු කරන ලදී. දරුවන්ගේ ඉල්ලීම් අනුව පාසලේ සංගීත කණ්ඩායමට අදාල භාණ්ඩ ලබාදීම සදහා කටයුතු කිරීම සිදුකරන බවත් දැනට දරුවන් 92ක් පමණක් සිටින මෙම පාසල සංවර්ධනය කොට මෙම සම්පත් නිසි භාවිතය සඳහා යොදාගනිමින් අනාගතයේදී ඉල්ලුමක් ඇති පාසලක් බවට පත් කිරීමට කටයුතු කරන මෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දීම සිදු විය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාද සහභාගී විය.