
සංචාරක ආකර්ශණිය කලාපයක් ලෙස සංවර්ධනය වන කඩුගන්නාව.
සංචාරක ආකර්ශණිය කලාපයක් ලෙස සංවර්ධනය වන කඩුගන්නාව.
මධ්‍යම පළාත වෙත ප්‍රවේශවන ප්‍රධාන පිවිසුමක් වන කඩුගන්නාව නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ශන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව කටයුුතු යොදා ඇත.මෙම වැඩසටහන සම්බන්ධ විශේෂ ක්ෂේත්‍ර පරික්ෂණයක් පසුගිය දා (27) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කඩුගන්නාවේදි පැවැත්විය.කඩුගන්නාව ගල විදින ලද ස්ථානය, ඩෝසන් කුළුන, කඩුගන්නාව තනායම, කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය හා පොහොර ගබඩා සංකීර්ණය යන ස්ථාන සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීම හා මුදලිවත්ත ආගන්තුක සත්කාර ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. මෙහිදි අදාළ සංචාරක ස්ථාන පරික්ෂා කිරීම සිදු කරන ලද අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයා විසින් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීම සිදු කරන ලදි.මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මෙන්ක හේරත් මහතා, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අධායතනවල නිලධාරීන්, මුදල්වත්ත ආගන්තුක සත්කාර ගම්මානයේ පිරිසක් ද සහභාගී වූහ.