
දීර්ඝ කාලීනව නොවිසදී පැවති ඉඩම් ගැටළුවලට විසදුම්.
දීර්ඝ කාලීනව නොවිසදී පැවති ඉඩම් ගැටළුවලට විසදුම් ලබාදෙමින් විල්ගමුව ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට තමන් භූක්ති විදින ඉඩමට නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීමේ වැඩසටහන 04 වන දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. එහිදී හෙට්ටිපොල, මොරගහ උල්පත, නාගොල්ල, සුළුගුණ යන ග්‍රාම නිලධාරී වසම් වල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොතිබූ ජනතාවට මෙසේ බලපත්‍ර ලබාදීම සිදුකරන ලද අතර මෙලෙස ඉඩම් ගැටළු පවතින පිරිස් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන 'උරුමය' ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී ඉඩමේ හිමිකම සහිත ඔප්පුවක් ලබාදීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.මෙම අවස්ථාව සදහා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත උදේශ් දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.