සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාප 10ක්.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාප 10ක්.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාප 10ක්. මාතලේ නගරය පදනම් කර ගනිමින් එළඹෙන වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මල්වතු අස්ගිරි උභය මහා විහාරිය මහානායක හිමිවරුන්ගේ අනුශාසනා ලබාගනිමින් මහනුවර වෙසක් කලාපය සතියක් පුරා (21 සිට27 දක්වා ) උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට කටයුතු සැලසුම් කෙරේ. “සුඛෝ බුද්ධානං උප්පාදෝ (බුදුවරුන්ගේ පහළවීම සැපතකි) 2024 සෙංකඩගල වෙසක් උදානයට පිළිවෙතින් පෙළ ගැසෙමු” යන තේමාව මුලික කර ගනිමින් මෙවර මහනුවර වෙසක් කලාපය පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇති අතර , ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී 26 දින පැවැත්විය. මහනුවර වෙසක් කලාපය තුළ මෙවර වෙසක් කලාප 10ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී දළදා මාළිගා වෙසක් කලාපය , අස්ගිරිය වෙසක් කලාපය, සහස් උයන වෙසක් කලාපය, බෝගම්බර වෙසක් කලාපය, සුදුහුම්පොල වෙසක් කලාපය , වැව රවුම හා බූවැලිකඩ වෙසක් කලාපය , පොලිස් වෙසක් කලාපය , විද්‍යාර්ථ වෙසක් කලාපය, කටුගස්තොට වෙසක් කලාපය හා ගන්නෝරුව වෙසක් කලාපය වශයෙන් වෙසක් කලාප සකස් කිරීමට යෝජිතය. මෙහිදී ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල් තැනක් ලබාදෙමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. වෙසක් තොරණ ප්‍රදර්ශනය , වෙසක් පහන් කූඩු සංදර්ශන හා වෙසක් සැරසිලි , භක්ති ගීත වැඩසටහන්, දන්සැල් , සීල සමාධි වැඩසටහන් , බෝධිපුජා වැඩසටහන්, පිණ්ඩපාත වැඩසටහන් , සර්ව රාත්‍රික පිරිත් දේශනා , ලේ දන්දීමේ වැඩසටහන්, සමාජ සත්කාර වැඩසටහන් , ආධාර ලබාදීමේ වැඩසටහන් , රුක් රෝපණ වැඩසටහන් ඇතුලු අංග රැසක් ඇතුලත්ව සංවිධානය කරනු ලබන අතර එකම දිනයකදී සියලු කාලාපයන් වල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය. ශ්‍රී දළදා මාළිගාව ඇතුළු සිව් මහා දේවාලයන් , මධ්‍යම පළාත් සභාවේ සියලු රාජ්‍ය ආයතන, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ , රාජ්‍ය නොවන ආයතන ඇතුලු ආයතන 143 ක සහයෝගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර පවතී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි , මාර්ග අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුලු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් මෙම සාකච්ඡාව සදහා සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook