
මැදරට පාසල් වලට සති සමාජ .
මැදරට පාසල් වලට සති සමාජ .
සති පාසැල පදනමේ නිර් මාතෘ මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසන ප්‍රධාන කර්මස්ථානාචාර් ය පුජ්‍ය උඩ ඊරියගම ධම්මජිව හිමියන්ගේ මුලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියෙන් දිවයින පුරා පාසල් ආශ්‍රිත ව ක්‍රියාත්මක සති සමාජ ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ පාසල් පද්ධතියට හදුන්වා දෙයි.
“ මනුෂ්‍යත්වයේ ජන්ම දායාදයක් වන සතිමත් බව උත්ප්‍රේරණය කිරීම ’’ තේමාව කොට ගෙන 4 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන් ඉලක්ක ව ක්‍රියාත්මක මෙම සති සමාජ පිහිටුවීමේ පළාත් ව්‍යාපෘතියේ වැඩසටහන පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
පේරාදෙණිය ම.ම. වී , හිදගල සීවලී මහ විදුහල සහ පුෂ්පදාන කනිෂ්ඨ විදුහල යන පාසල් දරුවන් 500 ක් පමණ සහ විදුහල්පතිවරුන් , ගුරු මණ්ඩල සාමාජිකයන්, ආදී ශිෂ්‍ය හා පාසල් සංවර් ධන සංගම් නියෝජිතයන්, දෙමව්පියන් මෙම වැඩසටහනට සහභාගී විය .