
මහනුවර දිස්ත්‍රික් ටේබල් ටෙනිස් තරගාවලිය දිගනදී.
මහනුවර දිස්ත්‍රික් ටේබල් ටෙනිස් තරගාවලිය දිගනදී.
මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ ටේබල් ටෙනිස් තරගාවලියේ පිරිමි හා කාන්තා තරග පසුගියදා (27) මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පැවැත්විණ.
48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවත් වෙන මෙම තරගාවලියෙන් ජය ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් ක්‍රීඩා තරගාවලිය සදහා සුදුසුකම් ලබාගනී.
මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකේෂ්වරී මහත්මියගේ උපදෙස් මත මෙම තරගාවලිය මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි කාර්යාලය මගින් සංවිධාන කොට පැවතුණි.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි චන්න සෝමරතන මහතා ඇතුළු ක්‍රීඩා නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.