
මහනුවර කලාපයේ ද්වි භාෂා තරග ජයග්‍රාහකයින් ඇගයේ.
මහනුවර කලාපයේ ද්වි භාෂා තරග ජයග්‍රාහකයින් ඇගයේ.
මහනුවර අධ්‍යාපන කලාපයේ ද්වි භාෂා අධ්‍යාපනය ක්‍රියාත්මක වන පාසල් වල ද්විභාෂා විවාද තරඟාවලිය සහ ඉදිරිපත් කිරීම් (Presentation) 2023/ 2024 තරඟ සඳහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (08) පැවැත්විණි.
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ ද්වි භාෂා ඒකකය විසින් සංවිධානය කළ මෙහිදි කලාප මට්ටමේ තරඟ ජයග්‍රාහකයින් සදහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය, ජයග්‍රාහී ඉදිරිපත් කිරීම හා විවාද තරගයේ අවසන් තරගය පැවැත්වීම මහනුවර, ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේදි සිදු කෙරිණි.
මහනුවර ධර්මරාජ හා කිංස්වුඩ් විද්‍යාලය අතර පැවති අවසන් විවාද තරඟයේ ශුරතාව මහනුවර කිංස්වුඩ් විද්‍යාලය විසින් දිනා ගන්නා ලද මෙම සිසුන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂා හසුරවමින් විවාදයට සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියොජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ඩී.ආර්. පියදාස, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩි.ඩි. ප්‍රියදර්ශනි යන මහත්මින් නියෝජ්‍ය අධ්‍යපන අධ්‍යක්ෂ ලක්ෂ්මන් තෙන්නකෝන් මහතා, විදුහල්පතිවරුන්, ගරු භවතුන් හා සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.