සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් මැරතන්  තරගයේ ජය හේරත් හා  ශිව රාජන්ට.

මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හේරත් හා ශිව රාජන්ට.

මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හේරත් හා ශිව රාජන්ට. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් පැවති මධ්‍යම පළාත් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඩබ්ලිව්.එම්.හේරත් හා ශිව රාජන් යන ක්‍රීඩකයින් සමත් විය. කාන්තා හා පිරිමි වශයෙන් අංශ දෙකක් යටතේ පැවති මෙම තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ ශිව රාජන් හිමිකර ගැනීමට සමත් විය. එම අංශයේ දෙවන ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ කේ.සමුගේෂ්වරන් ද තෙවන ස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදීප් කුමාර මල්ගම්මන ද හිමිකර ගැනීමට සමත් විය. කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ එච්.එම්.ඩබ්ලිව්.එම්.හේරත් විසින් ද දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ වී. ක්‍රිෂාන්තිනී හා ඒ. අනූෂා හිමිකර ගැනීමට සමත් විය. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟ ඉසව්ව නියෝජනය කිරීම සඳහා මධ්‍යම පළාතෙන් සුදුසුසන් තෝරා ගැනීම වෙනුවෙන් පැවති මෙම තරගය සදහා මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ මධ්‍යම පළාත නියෝජනය කරන කණ්ඩායමට ක්‍රීඩකයින් දස දෙනෙකු (10) සහ ක්‍රිඩිකාවන් අට දෙනෙකු (08) මෙහිදී තෝරා ගැනීම සිදුවිය. මධ්‍යම පළාත් ‍ ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. තිලකේෂ්වරි මහත්මියගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කොට පැවති මෙම තරගාවලිය පසුගියදා (05 දින) මහනුවර දිගන මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook