සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පුජාපිටිය ක්‍රීඩා සමාජ  ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා සමාජයට.

පුජාපිටිය ක්‍රීඩා සමාජ ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා සමාජයට.

පුජාපිටිය ක්‍රීඩා සමාජ ශුරතාවය පුජාපිටිය ක්‍රීඩා සමාජයට. 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා සමාජ තරගාවලියේ පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට පුජාපිටිය ක්‍රීඩා සමාජය සමත්විය. මෙම තරගාවලියේදී රන් පදක්කම් 11ක් සමගින් සමස්ත ලකුණු 156 ක් හිමිකර ගත් පුජාපිටිය ක්‍රීඩා සමාජය සමස්ත ශුරතාවය හිමිකර ගැනීමට සමත් වූ අතර තරගාවලියේ අනු ශුරතාවය රන් පදක්කම් 10ක් සමගින් ලකුණු142 ක් හිමිකරගත් නාලන්දා ක්‍රීඩා සමාජයට හිමි විය. තරගාවලියේ මලල ක්‍රීඩා පිරිමි හා කාන්තා ශුරතාවයන් පිළිවෙලින් පුජාපිටිය ක්‍රීඩා සමාජය හා නාලන්දා ක්‍රීඩා සමාජය හිමිකර ගනිද්දී , දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස නාලන්දා ක්‍රීඩා සමාජයේ ඒ.ජි.ඒ.ඉදුමිනි ද, දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස පුජාපිටිය ක්‍රීඩා සමාජයේ පි.බි.වැරැල්ලගම ද පිදුම් ලැබිය. මෙම ක්‍රීඩා උළෙල සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ , මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්.තිලකෙෂ්වරි ,පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් ඩි.එම්.එස්.කේ.දීගල,මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රුවන් ආර් තිලකරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර තරගාවලිය පුජාපිටිය ක්‍රීඩා නිලධාරි සනත් ගුණතිලක විසින් සංවිධානය කොට පැවතුනි. මෙම තරගාවලිය පසුගියදා පුජාපිටිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook