
පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණුක්.
පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණුක්.
ආපදා තත්ත්වයන් අවම වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය පිළිබදව මහනුවර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීමේ ආපදා කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් අද (09) නවයාලතැන්න, පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණී.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙම වැඩසටහන සදහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල සියළුම තාක්ෂණ නිලධාරීන් ඇතුළු තෝරා ගත් පිරිසක් සහභාගී වූහ.
පළාත් පාලන ආයතන සතු බලතල අනුව තම බල ප්‍රදේශය තුළ ඉදිකිරීම් කටයුතු වලදි, ආපදාවන් අවම වන ආකාරයට කටයුතු කිරීම හා ආපදා තත්වයන් සඳහා පෙර සුදානම් වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා විසින් දැනුවත් කිරීම සිදු කරන ලදි.
මෙම වැඩමුළුවට සමගාමිව පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන ඉදි කිරීම් සඳහා වන බිල්පත් සැකසීම, ඇස්තමේන්තු සකස් කිරීම හා කොන්ක්‍රීට් මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම ද සිදු විය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් පාලන කොමසාරිස්, චමිලා අතපත්තු, මහනුවර දිස්ත්‍රික් අතිරේක ලේකම් (ඉඩම්) නිලූකා බුලත්ගේ යන මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.