
මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී!
මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල මයිලපිටියේ දී!
මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උළෙල (16) මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව මෙම උළෙල සංවිධානය කොට පැවති අතර මෙහිදී දේශයේ උන්නතිය වෙනුවෙන් උදාර මෙහෙවරක නිරතව දේශයේ විමුක්තිය උදෙසා දිවිපිදූ රණවිරුවන් වෙත උපහාර පුදකරමින් ඔවුන් අනුස්මරණය කරමින් ආණ්ඩුකාරවරයා විසින් රණවිරු ස්මාරකය සදහා පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරිණ. දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මෙහිදී පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය.
මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සැමරුම් උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය සභාපති එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) නිහාල් ජයසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානින් , ත්‍රිවිද හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් ඇතුළු රණවිරු පවුල් වල සාමාජිකයින් රැසක් සහභාගී වුහ.