
බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්..
බාලදක්ෂිකා සංගමයෙන් පාගමනක්..
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයට වසර 107ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (18) දින මහනුවරදී පැවැත්විණි.
'අද සවිබල දියණිය හෙට සවිබල කතක්' ගැහැණු දරුවන් සවිබල ගැන්වීම අනාගත සවිබල ගැන්වීමකී, යන තේමාව ඔස්සේ පැවති මෙම පා ගමන මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසල සිට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය දක්වා පැවැත්විණි.
මහනුවර දිස්ත්‍රික්කයේ බාල දක්ෂිකාවන්ට, තම ආත්ම අභිමානය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබාදීම උදෙසා පැවති මෙම ජාතික පාගමන සඳහා බාලදක්ෂිකාවන් 1300ක පමණ පිරිසක් සහභාගි විය.