
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 වෙනි සම්බුදු තෙමගුල නිමිතිකරගෙන පැවැත්වෙන මහනුවර සෙංකඩගල වෙසක් කලාපයට සමගාමිව මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 21 දින මහනුවර පිහිටි අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ද එක්විය.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභගි වූ අතර , පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතිනි.