
දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය.
දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය.
කිරුළ පදනම සහ මහනුවර මහ නගර සභාව එක්ව සංවිධානය දැහැමි කිරුළ වෙසක් බැති ගී සරණිය මහනුවර සහස් උයනේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා ප්‍රධානත්වයෙන් (24) පස්වරුවේදි පැවැත්විණි.
සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව ක්‍රියාත්මක කළ මෙම භක්ති ගීත සංදර්ශනය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය, පෞද්ගලික ආයතන හා දහම් පාසල් නියෝජනය කරමින් බැති ගී ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කිරුළ පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය අතුළු පිරිසක් එක් වූහ.