
ගැටඹේ වෙසක් බැති ගී සංදර්ශනය .
ගැටඹේ වෙසක් බැති ගී සංදර්ශනය .
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් සෙංකඩගල වෙසක් උදානයට සමගාමීව ක්‍රියාත්මක ගන්නෝරුව, ගැටඹේ වෙසක් කලාපයේ බැති ගී සංදර්ශනය මහනුවර ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදි (24) පස්වරුවේදි පැවැත්විණි.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්වූ මෙම බැති ගී සංදර්ශනය සදහා රාජ්‍ය ආයතන හා පාසල් නියෝජනය කරමින් බැති ගී ඉදිරිපත් කරන ලදි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.