සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර දී සැමරූ ජාත්‍යන්තර තේ දිනය.

මහනුවර දී සැමරූ ජාත්‍යන්තර තේ දිනය.

මහනුවර දී සැමරූ ජාත්‍යන්තර තේ දිනය. ජාත්‍යන්තර තේ දිනය සැමරීමේ උත්සවයක් මහනුවර රැජින හෝටලයේදි අද (27) පැවැත්විය. සෑම වර්ෂයකම මැයි මස 21 දිනය ජාත්‍යන්තර තේ දිනය ලෙස සැමරීම සිදු කරන අතර මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.සමාදානම් පදනම විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට සමගාමීව වතුකරයේ ශ්‍රමය සූරා කෑම, ශ්‍රමයට සරින වැටුපක් ලබාදීම සහ මිනිස් වෙළඳාමට තල්ලුතකරන වතුකරයේ අවදානම්කාරි තත්ත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් වතු ප්‍රජාව දැනුවත් කිරීමක් ද සිදු කරන ලදි.උඩරට වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වතු කම්කරු අයිතීන් ඉටු කිරිම පිළිබද යෝජනා ඇතුළත් සංදේශයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය වෙත පිළිගැන්වීම හා තම ශ්‍රමය හා කාලය කැප කරමින් වතු ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා කැප වී කටයුතු කළ කාන්තාවන් ශ්‍රී ලංකා ශ්‍රම අභිමානි සම්මානයෙන් ඇගයීමට ලක් කිරීමත් මෙහිදි සිදු විණි.මෙම අවස්ථාව සඳහා සමාදානම් පදනමේ සභාපති දේවගැති සමන් පෙරේරා පියතුමන්, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඳුමිනි මැණික්දිවෙල, සහකාර කම්කරු කොමසාරිස්, අනුෂා රත්නායක යන මහත්මීන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකාරක විරන්ජන් ඩයස් සුමනසේකර, සමාදානම් පදනමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ඒකනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ථ කථිකාචාර්ය රමේෂ් රාමසාමි යන මහත්වරුන් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සමිති හා සංවිධානවල නියෝජිතයින් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook