සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සමස්ත ලංකා දිනූ උඩුදුම්බර ද්විතීක පාසලේ  බාලිකා  පාපන්දු කණ්ඩායම ඇගයීමට ලක් කෙරේ.

සමස්ත ලංකා දිනූ උඩුදුම්බර ද්විතීක පාසලේ බාලිකා පාපන්දු කණ්ඩායම ඇගයීමට ලක් කෙරේ.

සමස්ත ලංකා දිනූ උඩුදුම්බර ද්විතීක පාසලේ බාලිකා පාපන්දු කණ්ඩායම ඇගයීමට ලක් කෙරේ. මහනුවර තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පිහිටි උඩුදුම්බර ද්විතීක පාසලේ බාලිකා පාපන්දු කණ්ඩායම සමස්ත ලංකා පාසැල් අවුරුදු12 පහළ පාපන්දු තරගාවලියේදී තෙවන ස්ථානය දිනාගනිමින් දැක්වූ දක්ෂතාවය ඇගැයීමට ලක්කරමින් උපහාර පිදීම මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.ඉතා අඩු පහසුකම් යටතේ පාපන්දු පුහුණුවීම් ලබන මෙම පාසලේ දරුවන් පසුගිය දා පැවැති මහනුවර දිස්ත්‍රික් පාසල් පාපන්දු තරගාවලියේදී වයස් කාණ්ඩ ත්‍රිත්වයකින් බාලිකා ශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.පාපන්දු පාවහන් පවා නොමැතිව ලැබූ මේ ජයග්‍රහණය පුවත්පත් මගින් පළවීමත් සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ අවධානය යොමු වීමෙන් පසුව, අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඔවුන් හට පහසුකම් සැපයීමට දන්වා ඇත. ඒ අනුව අනුග්‍රාහකයෙකු මගින් පාසලේ පාපන්දු කණ්ඩායම වෙත පාපන්දු පාවහන් ලබාදීමට පියවර ගනු ලැබීය. මේ සඳහා අනුග්‍රහකත්වය අකුරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අයි.එම්.ඉස්තියාර් මහතාගේ මැදිහත්වීමෙන් සමාජ ක්‍රියාකාරී මොහොම ශමිල් මහතා විසින් සිදු කර ඇත.මෙම සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් ,දරුවන් තම පුහුණුවීම් කටයුතු මනා කැපවීමෙන් සිදු කරමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද සමස්ත ලංකා පාසැල් වයස අවුරුදු 12 පහළ තරගාවලියේ දී තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.දුෂ්කරතා මධ්‍යයේ වුවත් විශාල කැපකිරීමක් සිදුකර ඉලක්ක සහගත අරමුණක් වෙත ගමන් කරමින් ලබා ගත් ජයග්‍රහණය විශිෂ්ට යැයි අමාත්‍යාංශ ලේකම්වරයා පැවසූ අතර, මෙහිදී පාසලේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍යය උපකරණ ලබාදීමටත් ‍, ක්‍රිඩාංගනයේ පහසුකම් ප්‍රවර්ධනයටත් අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.මෙම ඇගයීම් අවස්ථාව සඳහා අකුරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අයි. එම්. ඉස්තියාර්, සමාජ ක්‍රියාකාරී මොහොමඩ් ශාමිල්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ලක්මාලී අත්තනායක , තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටි.එම්.එස් තෙන්නකෝන්, විද්‍යාලයේ විදුහල්පති උපුල් වීරසේකර, ප්‍රධාන පුහුණුකරු ධම්මික රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook