සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මීමුරේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කැපවී පරාර්ථකාමී සේවයක නිරතවූ ස්වේච්ජා ගුරුවරුන් ඇගයීමේ වැඩසටහනක්

මීමුරේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කැපවී පරාර්ථකාමී සේවයක නිරතවූ ස්වේච්ජා ගුරුවරුන් ඇගයීමේ වැඩසටහනක්

මීමුරේ දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් කැපවී පරාර්ථකාමී සේවයක නිරතවූ ස්වේච්ජා ගුරුවරුන් ඇගයීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී 28 දින පැවැත්විණ. මීමුරේ ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පුජ්‍ය හේනේගෙදර පඤාඤාරතන ස්වාමින් වහන්සේගේ අදහසකට අනුව ක්‍රියාත්මක ‘නැණ පහන් දල්වමු’ ව්‍යාපෘතියට සම්බන්ධව ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වූ ස්වෙච්ජා ගුරුවරුන් 23 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කෙරින. මීමුරේ ,විල්ගමුව ,තෙල්දෙණිය ,ගලමුදුන යන දුෂ්කර ප්‍රදේශයන්හි පවතින පාසල්වල ගුරු හිගයට පිළියම් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ අනුමැතියෙන් ‘නැණ පහන් දල්වමු’ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. නගරයෙන් බැහැර අවම පහසුකම් යටතේ සිසුන් මුහුණ දෙමින් සිටින ගුරු හිඟය හා ඒ හා බද්ධ වූ සම්පත් ඌනතාවයන් ඇතුළු ප්‍රධාන ගැටලු වලට විසදුම් රජයකින් සම්පුර්ණ වන තුරු බලා නොසිට ඒවා අවම කොට පැහැබර අනාගතයක් දරුවන් වෙත සකසා දීම ඉලක්කව “නැණ පහන් දල්වමු’ ව්‍යාපෘතිය මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශයන් ආවරණය කරමින් ක්‍රියාත්මක වේ. නව තාක්ෂණ භාවිතයෙන් යුතු හරිත ගම්මානයක් බවට පත් කරමින් අධ්‍යාපනයේ නව දැක්මක් රටට හදුන්වාදීම මෙම ව්‍යාපෘති යේ ඉදිරි පියවර වේ. මධ්‍යම පළාත් ප්‍රධාන් හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කොට පැවති මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියන ගමගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook